Gossips

5 වන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පස්වන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින්.
පසුගිය වසරේ මාර්තු පළවනදා සිට ජුනි 30 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන 9 ක සිදුකළ විමර්ශන මෙම වාර්තාව මගින් හෙළි කර තිබෙනවා.
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ කමිටුවේ නිර්දේශවලට අදාළ ආයතන ලබා දුන් ප්‍රතිචාර ද මෙවර වාර්තාවට ඇතුළත් කර ඇති බවයි.