Gossips

5 වනදා සිට වැසි සහ සුළං වැඩි වෙයි

දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට මෙන්ම ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
අදාළ අඩු පීඩන තත්ත්වය හෙට වන විට වර්ධනය විය හැකි අතර, පසුව එම පද්ධතිය දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් අනිද්දා සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳ අවදානය යොමු කරන ලෙසට මහජනතාවගෙන් සහ ධීවර මෙන්ම නාවුක ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනට ගිණිකොණ දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රලු විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වැඩි වීමක් අනිද්දා (04) සිට බලාපොරොත්තුවනවා.