කිරිපිටි මිල වැඩිවීම ක්රියාත්මක වූ ඉකුත් 05 වනදාට පෙර නිෂ්පාදනය කළ හා දැනට වෙලඳපොලේ පවති කිරිපිරි තොග වලට නව මිල දැක්වෙන ලේබල් ඇලවීම සම්පූර්ණයෙන් තහනම් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
කිරිපිටි මිල වැඩිවීමට පෙර නිෂ්පාදනය කළ ග්රෑම් 400යේ සහ කිලෝග්?මයේ කිරිපිටි පැකට්වල නව මිල දැක්වෙන ලේබල් අලවා වැඩි මිලට අලෙවි කරන වෙළදුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් ආරම්භ කර අති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
මේ අතර කිරිපිටි සම්බන්ධයෙන් වෙලඳපොල ගැටළු ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකාරියේ 1977 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි බවද ඔවුන් පවසනවා.