කොළඹ – මෝදර – පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ත්‍රිරෝද රථයකින් යමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
නඩු විභාගයක් අවසන් වී යළි නිවෙස් වෙත යමින් සිටි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.
