වාද්දුව ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ සිව්දෙනෙකු මියයාමේ සිදුවීමට අදාලව අත්අඩංගුවට ගත් දෙදෙනෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
රක්ෂිත බන්ධනාගාර ගතකළ දෙදෙනා වන්නේ සාදය සංවිධානය කළ සමාගමේ හිමිකාරියගේ සැමියා සහ ප්‍රචාරක නිලධාරියායි.
පසුගිය 4 වනදා රාත්‍රියේ වාද්දුව හෝටලයක සංවිධාන කර තිබු සාදයකදීයි අසනීප වූ හතරදෙනෙකු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුයේ.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කළ එක් පුද්ගලයෙක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.
ඔහු සාදය සංවිධාන කළ සමාගමේ ලියාපදිංචි හිමිකාරියගේ සැමියා මෙන්ම එම සමාගමේ කටයුතු භාරව කටයුතු කරන අයෙක්.
අනෙක් සැකකරු ගොතටුව නව නගරයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සමාගමේ ප්‍රචාරක නිලධාරීවරයායි.