Gossips

39 ලක්ෂයක රත්‍රං සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් තිස්නව ලක්ෂ 99,172ක් වටිනා රත්‍රං සමඟ පුද්ගලයින් 05 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (23) උදෑසන රේගු භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය සඳහන් කළේ.