Gossips

32 හැවිරිදි කාන්තාවක් දූෂණය කළ පුද්ගලයින් දෙදෙනෙකු කොටු කළ මෙහෙයුම

අම්බලන්ගොඩ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක රැඳී සිටි 32 හැවිරිදි කාන්තාවක් දූෂණය කර නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පල ගිය සැකකරුවන් දෙදෙනෙක් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 28 වන දින විදුලි බිල පරික්ෂා කිරීමට අවශ්‍යබව පවසමින් අදාල කාන්තාවගේ නිවසට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බව වාර්තා වනවා.
එහිදී ඇයගෙන් එක පුද්ගලයෙකු වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර වතුර ගෙන ඒමට නිවස තුලට ගිය කාන්තාවට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා අවස්ථා දෙකකදී ඇයව දූෂණයකර තිබෙනවා.
පසුව නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියට මුහුණදුන් කාන්තාව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව කහතුඩුව, වෙනිවැල්කොළ ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 30 යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්.
වයස අවුරුදු 30 පසුවන සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙක් වන අතර ඔහු යුධ හමුදා විශේෂ කාර්ය බලකායෙන් පැන ආ අයෙක් බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ මොහු තවත් මෙවැනිම අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවයි.
සෙසු සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙක් බව සඳහන්.
වෙනිවැල්කොළ ප්‍රදේශයේ ස්ථානයක් කුලියට ගෙන මොවුන් රැඳී සිට ඇති අතර දෙදෙනාම අධික ලෙස මත්පැන් පානයට සහ සූදුවට ඇබ්බැහි වූවන් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.