31 කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සියල්ලන් පුදුම කරමින් නිරුපද්‍රිතව බේරාගත් බිලිඳා (වීඩියෝ සහිතයි)
රුසියාවේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිරවී තිබූ මළ සිරුරු 39 ක් සොයාගැනේ
මධ්‍යම රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ නිවහන් සහිත මහල් ගොඩනැගිල්ලක් ගෑස් පිපිරීමකින් කඩා වැටීමත් සමඟ සුන්බුන්වලට යටව තිබූ පුද්ගල මළ සිරුරු 39 ක් මේ වනවිට සොයාගෙන තිබෙනවා.
පුද්ගලයන් 120 දෙනෙකු රැඳී සිටි නිවහන් 48ක් සහිත මෙම ගොඩනැගිල්ල පසුගිය 31 වනදා කඩා වැටුණා.
එහි ජීවිතාරක්ෂක මෙහෙයුම් දුෂ්කර වූයේ රාත්‍රියේ සෙන්ටිගේ‍්‍රඩ් අංශක ඍණ 17ක් තරම් අධික ශීතලක් පැවතීම හේතුවෙන්.
මේ අතර ගොඩනැගිල්ලේ සුන්බුන් අතර නිරුපද්‍රිතව සිටි දරුවෙකු බේරාගන්නා අවස්තාව දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා
