Gossips

30ට වැඩි වුණොත් ජවිපෙ දැඩි තීරණයක

නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වඩා වැඩි කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එලෙස සිදු වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කටයුතු කරන බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙකු සමඟ පමණක් එකතු වී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරත වන බව නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සදහන් කළා.
ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට කටයුතු කිරීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා උත්සාහ දැරුවහොත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ද සූදානම් බවයි නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.