Gossips

29 දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යයි

පෘතුගාලයට අයත් මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු මෙම බස් රථයේ ගමන් කර ඇති අතර, ඉන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බස් රථය මංසන්ධියක් ආසන්නයේදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

rnrnrnrnrnrn