දකුණු අප්රිකාව සමඟ සෙන්චූරියන් හි පැවැති 06 වන එක්දින තරඟයෙන් ද කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය පිළ ඊයේ (16) සමත් වුණා.
ඒ අනුව තරගාවලියේ ජය පහට එකක් ලෙස හිමි වන්නේ ඉන්දියාවටයි.
ඊයේ පැවැති තරඟයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස දකුණු අප්රිකානු පිළට ඇරයුම් කළ අතර, ඔවුන්ට පන්දු වාර 46යි පන්දු 5කදී සියලු ක්රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204ක් පමණයි.
ඉන්දීය පිළ පන්දු වාර 32යි එක් පන්දුවකදී කඩුලු 02ක් දැවී ලකුණු 206ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
එහිදී 29 හැවිරිදි වියේ පසුවන විරාට් කෝලි සිය 35 වන එක්දින ශතකය වාර්තා කළේ නොදැවී ලකුණු 129ක් ලබා ගනිමින්.
කෝලිගේ ඉනිම පහතින්.