Gossips

26 වනදා සිට ඩෙංගු මර්දන සතියක් ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබන 26 වනදා සිට ඔක්තෝම්බර් 2 වනදා දක්වා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 175 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර තෝරා ගත් අවදානම් කලාප සහ පරිශ්‍ර මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.
මේ සදහා පොලීසිය, ත්‍රිවිද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 6000 කගේ පමණ සහය ලබා ගැනීමට නියමිතයි.
පසුගිය වසර හා සැසදීමේදී මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 70 කින් පමණ අඩු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.