Gossips

25,000 දඩ මුදල 3,000ක් වෙයි

රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට ගැනීමේ අවස්ථාවට ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
හඳුනාගත් රථ වාහන වැරදි 33 ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මේ අතර, වායු විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා ගැනීමට අසමත්වීමේ වරද පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙහිදී ප්‍රශ්න කළා.