Gossips

2025 වන විට ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කරනවා

වසර 2025 වන විට ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
අද පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්මෙන් ඔහු මේ බව සඳහන් කළා.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් දැනුවත් කිරීම හා ණය ලබා දීමේ වැඩසටහනක් දඹුල්ල වලගම්බා පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වුණා.
– අමාත්‍ය මංගල සමරවීර
– 2025 වෙනකොට ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කරන්නට අපි අධිෂ්ඨාන කරගත්තා. බැංකුවේ ඉන්න නිලධාරී මහත්වරුන්ගෙනුත් මම ඉල්ලනවා ඒ කවුන්ටරයට එන හැම කෙනෙක්ටම මේ කරුනු හොදින් කියලා දීලා ඒ අයට වඩාත් සුදුසු ණය යෝජනා ක්‍රමය මොකක්ද කියලා හදුන්වාදීලා ණය නොදෙන්න නෙවෙයි ණය දෙන විදිහට කතා කරන්න. මොකද මේ බොහෝ බැංකුවල ගිය වෙලේ ඉදන් හදන්නේ නොදී ඉන්න. පලවෙනිදා ඉදලා එන සතියේ ඉදලා හොට් ලයින් එක ආරම්භ කරනවා තමුන්නාන්සේලාට පුළුවන් 1925 ඒ කොල් එකට ගෙවන්නේත් අපි. කරුණාකරලා කොල් කරලා අපිට කියන්න තමුන්නාන්සේලාගේ ප්‍රශ්නය මොකක්ද කියලා.
– අමාත්‍ය පී හැරිසන්
– ඉතිහාසයේ හැම ගම්මිරිස් අස්වැන්නට කණකොකා හැඩුවා. සමහර අය කූඨ උපක්‍රම මගින් රට ඇතුළය ගම්මිරිස් ගෙනඒමේ වැඩසටහන තිබ්බා. මොනම හේතුවක් නිසාවත් ආපහු ගම්මිරිස් පිටරටින් ආනයනය කරන්න ඉඩ තියන්නේම නැහැ කියන එක මම බොහොම වගකීමෙන් කියනවා ඔබතුමාලට. මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඕනෑ එපාකම් අනුව රට විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක ,බොහොම තදින්ම ක්‍රියාත්මක කරනවා. මම ඇහුවා ගරු මුදල් ඇමතිතුමනි වට්ටක්කා ගැන අපේ පේරාදෙණියේ ඉන්න විශේෂඥයාගෙන් ඇහුවා මේකේ තියෙන් ගුණාත්මක වටිනාකම කොහොමද..? ඒකට කිව්වා මේ වට්ටක්කා කෑවාම ලස්සන වෙනවා කියලා. හැබැයි අපි මෙච්චරකල් දැනගෙන ඉදලා නැහැ. කාන්තා පක්ෂය විශේෂයෙන්ම රෝහිණී කවිරත්න මැතිණියත් මෙතන ඉන්නවා එතුමියටත් කියනවා වට්ටක්කා කෑල්ලක් කන්න කියලා.තවත් ලස්සන වෙයි. මෙතන ඉන්න කාන්තාවන්ටත් කියනවා වට්ටක්කා කෑවාම ලස්සන වෙනවා විතරක් නෙවෙයි ඇස් පෙනීමත් හොද වෙනවාලු. දැන් මේ දවස්වල දළඹුවා වගාව කනවා.මාධ්‍ය මාව කනවා. අහනවා කවදාද වන්දි ගෙවන්නේ..?සමරහ මම දැක්කා එක පක්ෂයක නියෝජිතයෙක් කිව්වා දළඹුවෝ ඇහිදින තරගයක් තියන්න ඕන.යකෝ ඇහිදින්න ,පුලුවන්ද දෙයිහාමුදුරුවනේ මේ රටේ දළඹුවෝ ටික..?හැබැයි දැන් හැම එකාම බලනවා කොහේද ඉන්නේ දළඹුවා ඉන්නේ? කුඹුරට ගියත් බලනවා.පාරේ ගියත් බලනවා.මම දැක්කා කාටුන් වල ඇමතියාගේ කලිසමත් කාලා තියෙනවා දළඹුවා. ,තම කොහේ කොහේ කයිද දන්නේ නැහැ. කමක් නැහැ එහෙම හරි කරලා මේක ,මර්ධනයක් කරන්න පුලුවන් නම්.