Gossips

2025දී සාගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දෙගුණ වේ

වසරක් පාසා ටොන් මිලියන 08ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වන අතර, වසර 2025 වනවිට සාගරයේ පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 250 දක්වා දෙගුණයකින් ඉහළ යා හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති එම අධ්‍යයන වාර්තාවට අනුව, එහිදී සාගරය විෂ රසායනික සහිත සූපයක් බවට පත් විය හැකියි.
එය සාගර ජීවීන්ට මෙන්ම මිනිසාට ද අහිතකර තත්ත්වයක් බවයි එමගින් පෙන්වා දෙන්නේ.
සාගරය දැනටමත් ටොන් මිලියන 150ක් පමණ වූ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දූෂණයට ලක්වී තිබෙනවා.