Gossips

2021 දී ජන හා නිවාස සංගණනයක්

2021 වසරේදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ.
මේ අතර, ජංගම දුරකථනවල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සදහා කොළඹ ඇතුළු උප නගරවල ඇන්ටනා ක්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.