Gossips

2021 දී උඩුගුවනට මිනිසුන් යැවීමට ඉන්දියාවෙන් සැළසුම්

වසර 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් උඩුගුවනට යැවීමට හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් පවසනවා.
ගගන්යාන් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඉන්දියානුවන් උඩුගුවනට යැවීමේ සැළසුම් මුලින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. ඒ මහ මැතිවරණයට පෙර සිය අවසන් නිදහස් දින සැමරුම් උත්සවයට පසුගිය වසරේදී සහභාගිවෙමින්.
2022 වසරේදී ගගන්යාන් රොකට් ව්‍යාපෘතිය මගින් ඉන්දියානු ගගනගාමීන් තුන්දෙනෙකු උඩු ගුවනට යැවීමට සැළසුම් කර ඇති බවත්, ඒ සඳහා රුපියල් කෝටි දස දහසක් වෙන් කර ඇති බවත් මෝදි රජයේ අමාත්‍යවරයෙකු වන රවිශංකර් ප්‍රසාද් පසුගිය මාසයේ ප්‍රකාශ කළා.
2021 වසරේදී ඉන්දීය ගගනගාමීන් උඩු ගුවනට යැවීමේ සැළසුම් මෙලෙස ප්‍රකාශ වී ඇත්තේ ප්‍රථම වතාවටයි.