Gossips

2020 වන විට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 365ක්

දිවයින පුරා පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332කට තවත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 33ක් එක්කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332හිම ඉදිකිරිම් කටයුතු 2020 වන විට අවසන් කරන බවයි විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ට අමතරව තවත් කාර්යාල 5ක් ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 දක්වා ඉහළ දැමීමට නියමිතයි.