Gossips

2020 දී වැට් බද්ද අඩු කරන බව මුදල් ඇමති කියයි

දැනට සියයට 15 ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වසර වනවිට 12 යි දශම 5 දක්වා පහත හෙලීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
සහකාර රේගු අධිකාරිවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද මුදල් අමාත්‍යාංශයේදී එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.