Gossips

2019 වසර සඳහා වන අයවැය යෝජනා

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට – නව යුවළ සඳහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක්
සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බව 2019 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
එමෙන්ම කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු අඩුකිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ගම්පෙරළිය වැඩසටහන සඳහා මෙම වසරේ රුපියල් මිලියන 48,000 ක් වෙන් කර ඇති බවයි.
සියලූම ග්‍රාමීය පාසල්වල ළමයින්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.
නව විවාහක යුවල සඳහා වසර 25 කින් ගෙවී යන පරිදි සියයට හයේ පොලියක් මත 'සිහින මාලිගා' නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම විදෙස් ගත ශ්‍රමිකයින්ට වසර 15 කින් ගෙවී යන ලෙස මිලියන 10 ක නිවාස ණයක් ලබාදෙනු ලබන්නේද සියයට 6 ක පොලී අනුපාතයකටයි.
සේවකයින් 250 කට වැඩි ආයතනවලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර, වතු කම්කරු වැටුප් ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමටද කටයුතු කරන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.
විදේශීය ශිෂ්‍යයින්ට සහ වයස අවුරුදු 18 ට අඩු විදෙස් සංචාරකයින්ට ජාතික උද්‍යානවලට ඇතුලුවීමට අවශ්‍ය අවසර පත් සඳහා සියයට 50 ක මිල අඩුකිරීමක් ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

Update :- Tuesday, March 5, 2019
————————————————————–
මුදල් ඇමති මංගල අයවැය කථාව අරඹයි – කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට
2019 වසරට අදාළ අයවැය, මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරු 2 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළා. එය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.
එමෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යය අංශ සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අයවැය කථාව ඉදිරිපත් කරමින් කියා සිටියා.
මේ අතර කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු අඩුකිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ගම්පෙරළිය වැඩසටහන සඳහා රුපියල් මිලියන 48,000 ක් යොදවන බවයි.
එමෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්තවලට දැනට පවතින නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වන අතර, පේදුරුතුඩුව සහ පේසාලෙයි නව ධීවර වරායන් දෙකක් ඉදිකිරීමට රුපියල් මිලියන 1300 ක් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
මේ අතර සියලූම ග්‍රාමීය පාසල්වල ළමයින්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
Update :- Tuesday, March 5, 2019
—————————————————–
2019 වසරට අදාළ අයවැය කතාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
එය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.
එමෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යය අංශ සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අයවැය කථාව ඉදිරිපත් කරමින් කියා සිටියා.
මෙම අයවැය, වත්මන් රජයේ 5 වන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 73 වන ජාතික අයවැය ද වනවා.
rnrnrnrnrnrnrn