Gossips

2019 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අර්බුදයක

නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාවට ශුරතාව දිනා දෙන්නට දිනේෂ් කාර්තික් සමත් වුනේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් වීරයෙක් බිහි කරමින්.
මේ තරඟාවලියට කාර්තික් එක්වුණේ මහේන්ද්‍ර සිං දෝනි විවේක ගැන්වීම නිසයි.
කෙසේ වුවත් කඩුළු රකින්නෙකු වන කාර්තික් දෝණි වෙනුවට ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලානයෙදී ඉන්දීය කණ්ඩායමට නම් කළ යුතු බවට නිදහස් කුසලාන අවසන් මහා තරඟයෙන් පසු බොහෝ දෙන යෝජනා කිරීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.
කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් පටිල් පවසන්නේ ලෝක කුසලානයට දෝණි සමඟින් යා යුතු බවයි.
ඉනිමක් ගොඩනැගීමට ඇති හැකියාව, අත්දැකීම් සහ ශාරීරික යෝග්‍යතාව ගැන සලකා බලන විට දෝණි අනිවාර්යෙන්ම ලෝක කුසලානයට නම් කළ යුතු බවයි ඔහු පවසන්නේ.
මේ අතර දිනේෂ් කාර්තික් මෙවර අයි.පී.එල් තරඟාවලියේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල මෙහෙයවීමට පසුගියදා තෝරා ගැනුණා.
කෙසේ නමුත් 32 හැවිරිදි කාර්තික් කියා සිටියේ අයි.පී.එල් තරඟාවලියේදී චෙන්නායි සුපර් කින්ග්ස් පිල මෙහෙයවීම තමාගේ සිහිනය වූ බවයි.
මීට පෙර ගෞතම් ගාම්භීර් විසින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.
ඉන්දීය දේශීය ක්‍රිකට් තරඟාවලිහිදී කර්තික් තමිල්නාඩු පිල නියෝජනය කරනවා.