Gossips

2019 නව වසර ලබනකොටම රෝමය පුදුම කරමින් උපත ලද ලොවම කතාවෙන ලංකාවේ දරුවා මෙන්න

2019 නව වසරේ ඉතාලියේ රෝම අගනුවර උපත ලද පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රී ලාංකික දරුවෙකුට හිමිව තිබෙනවා.
මෙලෙස 2019 වසර උදාවත් සමඟ රෝමයේ සන් පිලිප්පෝ නේරි රෝහලේදීයි එම දරුවා උපත ලබා ඇත්තේ.
මෙම දරුවාගේ මව වන්නේ මධුභාෂිනී යාපා නමැති 32 හැවිරිදි කාන්තාවක්.
දරුවාගේ පියා වන්නේ 44 හැවිරිදි ප්‍රසාද් බණ්ඩාර නමැති පුද්ගලයෙක්.
මෙම යුවල වසර කිහිපයක් තිස්සේ ඉතාලියේ රෝම සන් පියෙත්රෝ ප්‍රදේශයේ ජීවත්වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ පදිංචි ප්‍රදේශය වන්නේ හොරණයි.
මේ අතර අදාළ දරු උපත් පිළිබඳව සැලවීමත් සමඟ රෝමයේ නගරාධිපතිනි වර්ජිනියා මහත්මියද එහි පැමිණ තිබීම විශේෂත්වයක්.
එසේම අදාළ දරුවා ඉතාලියට ගෞරවයක් බව සලකමින් ඔහුට නම් තබා ඇත්තේ ඉතලෝ බණ්ඩාර නමින්.