Gossips

2018 IPL තරගාවලියේ ශූරතාව චෙන්නායි සුපර් කිනිග්ස් කණ්ඩායමට

2018 IPL තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා.
ඒ ප්‍රතිවාදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙ කඩුලු 8 කින් පරාජයට පත් කරමින්.
තරගෙයේ කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා.
කේන් විලියම්සන් ලකුණු 47 යි.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් පිතිකරුවන් කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවු ශේන් වොට්සන් ලකුණු 117 ක් නොදැවී ලබාගත්තා.