Gossips

2018 වර්ෂයේ ඍජු විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 2.37 ක්

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.37 ක ඍජු විදේශ ආයෝජන හිමිවී ඇති බව ආයෝජන මණ්ඩලය පවසනවා.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 38 ක වර්ධනයක් බවයි එමඟින් ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ වසර තුළදී ඩොලර් බිලියන 3 ක ඍජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.
1978 වසරේ ආයෝජන මණ්ඩලය පිහිටවූ දා පටන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17 ක ඍජු විදේශ ආයෝජන ලැබී ඇති අතර, ඉන් සියයට 34 ක්ම හිිමිවී ඇත්තේ 2015 වසරෙන් පසුවයි.