Gossips

2018 දී රුපියලේ අගය 19%කින් පහළ යයි

ගත වූ 2018 වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 19කින් පහත වැටී තිබෙනවා.
එය දකුණු ආසියාවේ විනිමය ඒකක අතුරෙන් දුර්වලතම ක්‍රියාකාරීත්වය ලෙස සැලකිය හැකියි.
විශේෂයෙන් රජයේ සුරැකුම්පත්වල විදේශීය ආයෝජන පිටතට ගලා යාම එම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වුණා.
එලෙස ඔවුන් ඉවත් කර ගත් ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 160කට ආසන්නයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේදී ද නව වාර්තාගත අවම අගයක් සටහන් කළේ ඩොලරයක් සඳහා රුපියල් 184යි ශත 69ක් ලෙසින්.
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ද 2018 වසර තුළ සියයට 5කින් පමණ පහත වැටුණා.
වසර තුළ දී විදේශීය ආයෝජකයන් අලෙවි කළ කොටස්වල වටිනාකම රුපියල් බිලියන 22.8 ඉක්ම වනවා.