Gossips

2018 ජාත්‍යන්තර මහ සඟ සමුළුවේ තුන්වන දිනය අදයි

ජපානයේදී ආරම්භ වුණු 2018 ජාත්‍යන්තර මහ සග සමුළුවේ තුන්වන දිනය අදයි.
ලොව පුරා ධර්ම දූත සේවයේ යෙදි සිටින තෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මහ සඟ සමුළුවේ දෙවන දින ප්‍රධාන සැසිය ආරම්භ වූයේ ට්සුකුබා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි.
ඒ සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්, අස්ගිරි සහ මල්වතු අනුනාහිමිවරුන් මෙන්ම ලොව රටවල් රැසක ධර්ම දූත සේවාවන්හි නිරත ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා රැසක් එක්වුණා.
ජපානයේ ට්සුකුබා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරධිපති පුජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් එහිදී අනුශාසනා සිදුකළා.