Gossips

2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව ජපානයේ දී ඇරඹෙයි

2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව අද ජපානයේ දී ආරම්භ වුණා.
ඒ ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන්.
ඊට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන්ල අස්ගිරි හා මල්වතු අනුනාහිමියන් මෙන්ම
අමෙරිකාව, ඉන්දියාව, එංගලන්තය, මැලේසියාව, ප්‍රංශය, කැනඩාව, තායිලන්තය ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ වැඩම කර සිටිනවා.
මෙම ජාත්‍යන්තර සඟ සමුළුව පැවැත්වෙන්නේ, ශ්‍රී ලාංකීය භික්ෂු පරපුරේ විශ්වීය පුනරාගමනය යන්න තේමා කරගනිමින්.
රටවල් අතර සමාජීය, සංස්කෘතික සහසම්බන්ධතාව වර්ධනය කරගැනීමල ධර්ම ධූත භීක්ෂූන් වහන්සේ එකතු කර ගනිමින් බුදු දහම ප්‍රචලිත කරවීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා මහාබෝධී සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුෂාසකත්වයෙන් මෙම ජාත්‍යන්තර සඟ සමුළුව සංවිධානය කර ඇත්තේ ත්සුකුබා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් විසින්.