Gossips

2018 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනයට

2018 ඡන්ද හිමි නාම ලේඛනයට අලූතින් ඇතුළත් කළ නම් සහ ඉන් ඉවත් කළ නම් ප්‍රදර්ශනය කිරීම මේ දිනවල සිදුකෙරෙනවා.
සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයකම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, පළාත් පාලන ආයතන මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම නාම ලේඛන ප්‍රදර්ශනය කෙරෙන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ.
ලබන සැප්තැම්බර් 9 වන දා දක්වා අදාළ නම් ප්‍රදර්ශනය කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්, ඊට පෙර ඉදිරිපත් කළ හැකි බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.