Gossips

2017 මුදල් කොමිෂන් සභා වාර්තාව ජනපතිට

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා.
එහි සභාපති යූ.එච්.පලිහක්කාර ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, පසුගියදා මදුරන්කුලිය ප්‍රදේශයේදී දෘශ්‍යාබාධිත සිසුවියන් දෙදෙනෙකු ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක දෙකක් සහ රුපියල් මිලියනය බැගින් මුදල් පරිත්‍යාග කිරීම ජනාධිපතිවරයාගේ අතින් අද සිදු කෙරුණා.
පසුගිය වසරේ ජුලි මාසයේදී එම සිසුවියන් දෙදෙනා මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඔවුන් මේ වනවිට උසස් පෙළ සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.