2016 වර්ෂය සදහා වන මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා.
අදාළ වාර්තාව එම කොමිෂන් සභාවේ සභාපති උදිත එච්.පලිහක්කාර විසින් ජනාධිපති කාර්යාලයේදී භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එම අවස්ථාවට මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එක්ව තිබෙනවා
