2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 450 ක් ලැබී තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ පැමිණිලි ලබාදීමට තිබූ කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් එය තවත් සතියකින් දීර්ඝ කළ බවයි.
මේ වනවිටත් පැමිණිලි 15 ක පමණ මූලික විමර්ශන ආරම්භ කිරීම සඳහා එහි විශේෂ පොලිස් ඒකකයට භාරදී ඇති බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.