Gossips

2015 වසරේ සිට සිදුවූ දූෂණ වංචා සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක්

2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා සිදුවූ බරපතල වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා.
එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නම් කර ඇති අතර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති කේ.ඒ.ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ එහි සෙසු සාමාජිකයන්.