2009 වසරේ කොළඹදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සහ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ඇතුළු නිලධාරීන් දැන සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවට අදාල සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඔස්සේ තවදුරටත් විමර්ශණ සිදු කරන බවයි.
එමෙන්ම මෙම නඩුවේ දෙවැනි සැකකරු වන නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන මස 04 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
2009 වසරේ ජනවාරි මස 11 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල සහ කොටහේනේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.