Gossips

20-20 ගැටුම අතර මැද ආ මහේල සහ තිසරගේ හයේ ගැටුම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් පළාත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය පසුගියදා නිමාවට පත් වුණේ කොළඹ කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර දෙමින්.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරඟයේ දී කොළඹ කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුනේ දඹුල්ල කණ්ඩායමයි.
දඹුල්ල කණ්ඩායම පරාජයට පත්කළ කොළඹ කණ්ඩායම අවසන් තරඟය ජය ගත්තේ කඩුලු 07කින්.
මේ අතර අවසන් මහා තරඟය අතර තුර සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව තිබෙනවා.
ස්වයංක්‍රිය පන්දු යොමු කිරීමේ මැෂිම ප්‍රේමදාස තණතිල්ල මතට ගෙන ආ තරඟ සංවිධායකයින් දැවැන්තම හයේ පහර එල්ල කරන ක්‍රීඩකයා තේරීමට එහිදී කටයුතු කර තිබුණා.
මෙහෙදී තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් හතරෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙම අවස්ථාව සඳහා ඉදිරිපත්ව සිටියා.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් මහේල උඩවත්ත, ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ජෙහාන් ඩැනියල්, මහනුවර කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න සහ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා එම ක්‍රීඩකයින්.
මෙහිදී එක් ක්‍රීඩකයෙකුට අවස්ථා තුනක් හිමි වූ අතර එහිදී සාර්ථක ඵල නෙලාගනීමින් කොළඹ කණ්ඩායමේ මහේල උඩවත්ත තමන්ට ලැබුණු අවස්ථා තුනේදීම දැවැන්ත හයේ පහරවල් තුනක් එල්ල කිරීමට සමත් වුණා.
ජෙහාන් ඩැනියල්ට සහ චාමික කරුණාරත්නට තමන්ට ලැබුණු අවස්ථාවන් හිදී සාර්ථක වීමට හැකියාව ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් අවසානයේ පිත්ත අතට ගත් දඹුල්ල කණ්ඩායමේ තිසර පෙරේරා තමන්ට ලැබුණු අවසන් අවස්ථාවේදී දැවැන්ත හයේ පහරක් එල්ල කළේ අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනා එල්ල කළ හයේ පහරවල් සියල්ල දෙවන තැනට අද දමමින්.
ඒ අනුව තිසර පෙරේරා මෙම විශේෂිත තරඟ ඉසව්වේ ජය හිමිකරගත්තා.