Gossips

20-20 ක්‍රිකට් වසන්තය අරඹමින් IPL අද සිට

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් වසන්ත අරඹමින් 12 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 තරඟාවලිය අද (23) ආරම්භ වනවා.
මෙවර තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් එක්වනවා.
අද ඇරඹෙන තරඟාවලිය ලබන මැයි මස 12 වනදා දක්වා පැවැත්වීමටයි අයි.පී.එල්. සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.
මෙවර තරඟාවලියේ මූලික වටයට ඇතුළත්ව ඇති තරඟ සංඛ්‍යාව 56ක්.
තරඟාවලිය ආරම්භ කරමින් අද දින මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.
අද තරඟය පැවැත්වෙන්නේ චෙන්නායිහිදී යි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරඟාවලියට එක්වන එකම ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංගයි.
මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර අයි.පී.එල්. තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාද වන්නේ ඔහුයි.