Gossips

20-20 ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ පන්දුවාර හතරේ ලෝක වාර්තාව

20-20 ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ පන්දුවාර හතරේ ලෝක වාර්තාව
පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් විස්සයි විස්ස පන්දු යැවීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (25) සමත්වුණා.
ඒ, කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශාන්ත කිට්ස් සහ නෙවිස් පේටි‍්‍රයට්ස් කණ්ඩායම නියෝජනය කරමින්.
ඔවුන් බාබේඩෝස් ට්‍රයිඩන්ස් පිල සමඟ තරග වැදුණු අතර, මොහොමඩ් ඉර්ෆාන් සිය පන්දු වාර හතරේදී නිලකුණු පන්දු වාර 3ක් යවා එක් ලකුණක් පමණක් ලබාදී කඩුලු දෙකක් බිඳ හෙලුවා.
කෙසේ නමුත් මෙම තරගයේ ජයග්‍රහණය හිිමිවූයේ ප්‍රතිවාදී පිලටයි.
2014 වසරේ ක්‍රිස් මොරිස් විස්සයි විස්ස තරඟයකදී පන්දු වාර 4 ක් යවා ලකුණු 2 ක් ලබාදී කඩුලු 02 ක් බිඳ හෙලා වාර්තා පොතට එක්වුණා.
කෙසේ නමුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයක හොඳම පන්දු යැවීම වන්නේ 2012 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව අජන්ත මෙන්ඩිස් පන්දු වාර 4 ක් යවා ලකුණු 08 ක් ලබාදී කඩුලු 06 ක් බිඳහෙලීමයි.
ඉර්ෆාන් බිඳ දැමූ කඩුලු ද්විත්වය පහතින්.