Gossips

20 හෙට පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මෙය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාර දෙන බවයි.