Gossips

20 හැවිරිදි පෙම්වතා 12 හැවිරිදි පාසල් දැරිය කැලයකට කැඳවාගෙන ගොස් කළ අපරාධය

දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දූෂණයට ලක්ව ඇති දැරිය සහ සැකකාර තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවට අනාවරණය වී තිබෙනවා.
පසුගිය 29 වනදා අදාල තරුණයා දැරියගේ නිවසට පැමිණ කතා බහ කරමින් සිට ඇති අතර අනතුරුව දෙදෙනා නිවස ආසන්නයේ ඇති සෙල්ලන්කන්දල් රක්ෂිතයට ගොස් ඇති බවට වාර්තා වනවා.
අනතුරුව එහිදී ඔවුන් අඹු – සැමි ඇසුරක් පවත්වා ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.
තමන් මුහුණ දුන් අත්දැකීම දැරිය තවත් අයෙකු සමඟ පවසා ඇති අතර අනතුරුව එම සිදුවීම දැනගත් ගම්වාසීන් විසින් ඒ පිළිබඳව දැරියගේ මව දැනුවත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඒ පිළිබඳව දැරියගේ මව කිසිඳු පියවරක් ගෙන නොමැති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබදව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය දනුවත්කර තිබෙනවා.
නතුරුව අදාල නිලධාරිනිය සිදුවීම සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීමෙන් පසු සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලිකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදුකළ පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.