Gossips

20 වන ව්‍යස්ථා සංශෝධනය ගැන විවේචනයක්

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැති ජාතික නියෝජිත මහා සඟ සමුළුවේදී දැඩි විවේචනයක් එල්ල වුණා.
ඊට එක්වූ මහා සංඝරත්නය අවධාරණය කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධන මර උගුලට පය නොතබමු තේමාව යටතේ සංවිධාන කර තිබූ ජාතික නියෝජිත මහා සඟ සමුළුවට තෛනිකායික මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියා.