Gossips

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, නීතිපතිට

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සංශෝධන රැසකින් සමන්විත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නීතිපතිවරයා විසින් එය විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව ගැසට් කර විවාදයට ලක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
පසුගිය 25 වන දා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත භාර දෙනු ලැබුවේ කථානායකවරයා ඉදිරියේදියි.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු අතර, ඒ සඳහා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහය අවශ්‍ය වනවා.
කෙසේ වෙතත්, අදාළ පනත් කෙටුම්පත පරාජය කිරීමට නම් අවම වශයෙන් මන්ත්‍රීවරුන් 76 දෙනෙකුගේ සහය අවශ්‍ය වනවා.