Gossips

20 බෙදුම්වාදයට කත් ඇදීමක් බවට විමල්ගෙන් චෝදනා

ජනතා විමුක්ති පෙරමුණ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බෙදුම්වාදයට කප්පම් ලබාදීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හරහා ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව තහවුරු වී ඇති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු බන්දුල ගුණවර්ධන සඳහන් කළා.