Gossips

20 න් පසු කාලගුණයේ වෙනසක්

එළඹෙන 20 වනදායින් පසුව කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
පසුගිය වසරවල දිවයිනට ගංවතුර තත්ත්වයක් ඇති වූයේ ද මෙම කාලසීමාවේදියි.
මේ නිසා මේ දිනවල සිදුවන කාලගුණ වෙනස්වීම් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළා.
එමෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 8107 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
අසල්වැසි ඉන්දියාවද මේ දිනවල කාලගුණ විපර්යාසයන් කිහිපයකට මුහුණ දෙමින් සිටිනවා. වැසි තත්ත්වයන් සමඟ ඇතැම් ප්‍රාන්තවල ¥විලි කුණාටු වාර්තාවූ අතර, එමඟින් හානිවූ ජීවිත සංඛ්‍යාව මේ වනවිට සියය ඉක්මවා තිබෙනවා.
ඊයේ නව දිල්ලි, උත්තර ප්‍රදේශ් සහ තෙලංගනා ප්‍රාන්තවලට බලපෑ මෙවැනි දූවිලි කුණාටුවකින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.