Gossips

20 ට තවත් සංශෝධන එන බව ජවිපෙ කියයි – බලය විශේෂ වැඩසටහන හෙට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඉදිරිපත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, ඉදිරියේදී සංශෝධන ඉදිරිපත් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහුු මේ බව සදහන් කළේ එම පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට කළ අභියෝගයට අනුව විශේෂ ‘‘බලය’’ දේශපාලනමය වැඩසටහනක් හෙට විකාශය වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එදිනම රාත්‍රියේ විකාශය වු සලකුණ දේශපාලනමය වැඩසටහනට එක්වෙමින් එම අභියෝගය භාර ගත්තා.