Gossips

20 ගැන සාකච්ඡා කරන්න ජවිපෙ සූදානමින්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලූ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත අද කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
නව සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති, ජනාධිපතිවරයා, ආණ්ඩුවේ ප්‍රධානියා, සේනාධි නායකයා, රාජ්‍ය නායකයා යන වගන්තියෙන් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස සඳහන් කොටස ඉවත් කර තිබෙනවා.
එම කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට පමණක් පැවරී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට පවරා තිබීම ද විශේෂත්වයක්.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගනු ලබන අතර, ධුර කාලය වසර 5කට සීමා වනවා.
මේ අතර, යම් තැනැත්තෙකු ජනාධිපති ධුරය දරන කාලසීමාවේදී කිසිදු පක්ෂයක ධුරයක් හෝ සාමාජිකත්වයක නොදැරිය යුතු බවත්, 20 වන සංශෝධන කෙටුම්පතේ දැක්වෙනවා.