Gossips

20 ගැන මත දෙකක්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට තම පක්ෂය තීරණය කළේ ඒ සඳහා ආණ්ඩුව මැදිහත් නොවීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් ලෙස විරුද්ධ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට කැමැත්තක් දක්වන සියලූ පාර්ශවයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දැක්විය යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ.