Gossips

20 ගැන ජවිපෙ තීන්දුවකට සැරසේ

20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මැයි මාසය වන විට ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අනුරාධපුරයේ ඊයේ පැවති අප්‍රේල් විරු සැමරුම් උත්සවයට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.
ඔහු කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 වන සංශෝධනයට ප්‍රධාන පක්ෂ එකඟ නොවුණහොත් ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් ඒකරාශී කරගෙන නව අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.