Gossips

20 ගැන ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු
– ජනතා විමුක්ති පෙරමුණ මල්වත්තේ හාමුදුරුවන්ටත්,මාධ්‍ය සාකච්ඡාත් මේ සියල්ල තියලා රට හෙළි කළේ සම්පූර්ණ මුසාවක්.මේ විසිවන ව්‍යවස්ථාවේ අරමුණ මේ රටේ කවදාවත් ඡන්දයකින් දිනන්න බැරි අග්‍රාමාත්‍යවරයාට විධායක බලය සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරන්න.එක්සති ජාතික පක්ෂය ජ වි පී එක පාවිච්චි කලේ බලල් අතක් විදිහට.මේක තමයි මේ රටේ මහජනාව දැනගතයුතුම ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි ප්‍රතිපත්තිය.මේ තියෙන්නේ ජනතා වි.පෙරමුණේ ඔය විජිත හේරත් මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ දිවුරුම් පෙත්සමේ 4 වෙනි ජේදෙන් පැහැදිලිව කියනවා මේ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැත කියලා.ඊයේ මට මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුනේණේ කිහිප දෙනෙක් කතා කළා , මේක රටට හෙළි කරන්න එපා කියලා.දැන් මේ සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් තීන්දු ප්‍රකාශ කරයි.නිශ්චිතවම කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේක ප්‍රතික්ෂේප කරනවා.ඔබේ පරමාධිකාරී අයිතිය මේ රටේ තිබෙන පිළිගත් දේශපාලන පක්ෂ මේ විදිහට වංචා කරනකොට ඔබ දැනගන්න ඕනේ සංවිධානාත්මක අපරාධකාරයෝ ටිකක් රටේ පාර්ලිමේන්තුව විධායකය ඔවුන්ගේ ග්‍රහණයේ තබාගෙන දෙපයින් අධිකරණය පාගගෙන මේ රටේ ක්‍රියාත්මක වන්නේ මහා මංකොල්ලයක්.