Gossips

20 අභියෝගයට ලක් කරමින් ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ.
විධායක ජනාධිපති ධූරය සංශෝධනය කිරීම සඳහා වූ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.