Gossips

20න් පහළ ආසියානු රග්බි සංචිතය නම් කෙරේ

ලබන අගෝස්තු 10 වන දා සහ 11 වන දා හොංකොං හිදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
එහිදී නායකත්වය සඳහා නම් කර ඇත්තේ හිටපු ශාන්ත තෝමස් සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩක නවීන් හෙනකන්කානම්ගේ. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, තායිපේ, සිංගප්පූරුව සහ චීනය සමඟ බී කාණ්ඩයට නම් කර තිබෙනවා.
හොංකොං, කොරියාව, තායිලන්තය සහ මැලේසියාව නම් කර ඇත්තේ ඒ කාණ්ඩය යටතේයි.