Gossips

20ට මුස්ලිම් කොංග්‍රසයේ සහය නැහැ

විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් ලෙස විරුද්ධ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා.
ඊයේ මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ජල ගාස්තු වැඩි කිරීමක් ඉදිරියේදී සිදුවන්නේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
එහිදී ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩි කිරීමට ද ඉදිරියේදී සිදුවන බවයි.